අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කළැයි සැක කරන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, සැකකරු ගල්නෑව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
පෙරේදා (10) දින රක්ෂිත බන්ධනාගාරයෙන් මුදා හැරුණු පුද්ගලයෙකු වන සැකකරු, මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රඳවා සිටි බව පොලීසිය සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඔහු කැකිරාව ප්‍රදේශයේ නිවසක් බිඳ භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ සිද්ධියකටද සම්බන්ධ සැකකරුවෙකු ලෙස නම් කර ඇති බව ද පොලීසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (12) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.