ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධුරයෙන් පිදුම් ලද පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
නව මහානායක හිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපතිවරයා අතින් පිළිගැන්වීමට නියමිතව තිබූ අතර, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් විජිනිපත පිළිගන්වනු ලැබීය.
අභිනව මහානායක හිමියන්ගේ ආගමික සහ සමාජීය කාර්යභාරය අගයමින්, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැඟීමේදී මහා සංඝරත්නයට මහඟු වගකීමක් පැවරී ඇති බවයි.
මෙම උත්සවයට මහා සංඝරත්නය, හිටපු ජනාධිපතිවරු, අගමැතිවරු, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, විදෙස් තානාපතිවරු, රාජ්‍ය නිලධාරීන් සහ විහාරස්ථ දායක සභා සාමාජිකයින් සහභාගීව සිටියහ.