ගම්පහ, අකරවිට ප්‍රදේශයේ අද (08) සවස 6.45ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදි අමතර කොටස් වෙළඳසැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර වෙඩිතැබීම සිදුකර තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන් වයස අවුරුදු 30 සහ 34 ක් වන කටුගස්තොට සහ යක්කල ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.
මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.