අද උදෑසන (11) නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී පාලනය සිදුවී බස්රථයක් පැත්තට හැරී වැටීමෙන් පුද්ගලයින් 11ක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මියගිය අය අතර පිරිමි පුද්ගලයින් පහදෙනකු සහ කාන්තාවන් තුන්දෙනකු සිටින බව වාර්තා වේ. තවත් පුද්ගලයින් 25කට ආසන්න පිරිසක් නුවරඑළිය සහ කොත්මලේ රෝහල්වලට ඇතුළත් කර ඇත. අනතුරට ලක්වූ බස්රථය කතරගමෙන් නුවරඑළිය හරහා කුරුණෑගල බලා ගමන් කරමින් තිබුණි.