අන්තර්නිවර්තන අභිසාරී කලාපය (ITCZ) ශ්‍රී ලංකාවේ කාලගුණ තත්වයට බලපාමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (27) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර පළාතේ, පුත්තලම, මන්නාරම, යාපනය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් වව්නියාව, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි. තද සුළං සහ අකුණු ඇතිවීමත් සමඟ අනතුරු අවම කිරීමට අවශ්‍ය සියලු ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද වැඩිදුරටත් සඳහන් කරයි.