දිවයින පුරා ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 24ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම ජලාශ අතර අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ජලාශ 6 බැගින්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ජලාශ 4ක්, බදුල්ල, කුරුණෑගල, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලින් ජලාශ 2 බැගින් වාන් දමමින් පවතින බවද සඳහන් වේ. මෙයට අමතරව මධ්‍යම පරිමාණයේ ජලාශ 16කට අධික ප්‍රමාණයක්ද වාන් දමමින් පවතින අතර, ප්‍රධාන සහ මධ්‍යම පරිමාණයේ ජලාශවල ගබඩා කළ හැකි මුළු ජල ධාරිතාවෙන් 91%කට වැඩි ප්‍රමාණයක් මේ වන විට පිරී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.