අප්‍රේල් 1 සිට ක්‍රියාත්මක වන පරිදි, දේපළ බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රවල මුද්දර ගාස්තුව රුපියල් 1,000කට රු.10 සිට රු.20 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. 2006න් පසු මුද්දර ගාස්තුව සංශෝධනය වන මෙය පළමු අවස්ථාව වන අතර, මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා විසින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත. කෙසේවෙතත්, සින්නක්කර ගිවිසුම් යටතේ අය කරනු ලබන මුද්දර ගාස්තුව රුපියල් 10ක් ලෙසම පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.