පළාත් පාලන මැතිවරණ කාලසීමාවේ රාජ්‍ය දේපළ අවභාවිතය වළක්වයි

ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන මැතිවරණ කාලසීමාවේ රාජ්‍ය ආයතනවලට අයත් දේපළ අවභාවිතය වළක්වමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මෙම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, කොමිෂන් සභා ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමුකර ඇත.

මෙම පියවර මැතිවරණ නීති සහ සාධාරණත්වය පවත්වා ගැනීමට ගත් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.