පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පොලීසිය විසින් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර ඇත.

“පරිගණක අපරාධ මූලස්ථානය” ලෙස හැඳින්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ව්‍යාජ අත්සනක් සහිතව “Conviction” යන ශීර්ෂය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මෙම ලිපිය හෙළිදරව් කරන්නේ කිසිදු නීතිමය පදනමක් නොමැතිව ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය, ශ්‍රේෂ්ඨාධිකරණ ලාංඡනය සහ පොලිස් නිල ලාංඡනය සමානව පෙනෙන ලාංඡන මඟින් වැරදි ආකාරයෙන් සකස් කරන ලද බවයි.

“Cyber Crime Headquarters Colombo, Sri Lanka” යනුවෙන් සඳහන් ආයතනයක් ශ්‍රී ලංකාව තුළ නොපවතින අතර එහි දැක්වෙන තනතුරු සහ කරුණු පොලිසියෙන් ප්‍රකාශයට පත්කර නොමැති බවත් පොලීසිය පැවසියි.

මෙම ව්‍යාජ ලිපිය පොලිසිය අපහසුතාවයට පත් කිරීම හා මහජනතාව නොමග යැවීම අරමුණු කරගෙන සැලසුම් සහගතව සකස් කළ බවද නිරීක්ෂණය වී ඇත.