බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ, එය සම්බන්ධයෙන් දින දෙකක් පැවැත්වෙන විවාදයක් සංවිධාන කිරීමට කටයුතු කරන බවය.

එමෙන්ම, ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මෙම වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර, එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.

ඉදිරි කටයුතු සම්බන්ධයෙන් උපදෙස් හා යෝජනා ලබාදීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති අතර, පාර්ලිමේන්තුවේ දින 2ක විවාදයක් මෙය ගැන පැවැත්වීමටද සැලසුම් කර තිබේ.