බලාසිටීමට දින 1000යි

තිස් වසරක් පුරා පැවති කුරිරු යුද්ධය නිම වී දස වසරකටත් වඩා ගත වුවද යුද්ධයේ අඳුරු සෙවනැළි තවමත් මිනිස් ජීවිතවලට වැටි තිබෙනවා. යුධ සමයේ සහ පශ්චාත් යුධ සමයේ වව්නියා දිස්ත්‍රික්කයේ අතුරුදහන් වී ඇති පුද්ගලයන් සොයා මේ වන විට දින 1000කටත් අධික කාලයක් උපවාස කලද තවමත් ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට කිසිවෙක් නොමැත.