මැයි පෙළපාළි සඳහා විශේෂ පොලිස් සැලසුමක් ක්‍රියාත්මකයි

 ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාළි සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. පිට පළාත්වල පැවැත්වෙන පෙළපාළි, රැස්වීම් සහ සැමරුම් උත්සව සඳහා අවශ්‍ය ආරක්ෂාව, රථවාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳව ද පළාත්, දිස්ත්‍රික්ක සහ කොට්ඨාස භාර පොලිස් නිලධාරීන්ටත් උපදෙස් ලබාදී ඇත. කොළඹ නගරයේදී පෙළපාළි, රැස්වීම් සහ උත්සව 15ක් පමණ පැවැත්වීමට නියමිත අතර, ඒ හේතුවෙන් රථවාහන තදබදයක් ඇති විය හැකි බවද සඳහන් වේ. ඒ අනුව, රියදුරන්ට මෙම ප්‍රදේශ මඟහැර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස් දී ඇති අතර, විකල්ප මාර්ග පිළිබඳව තොරතුරු සඳහා රථවාහන පොලිස් නිලධාරින්ගෙන් උපදෙස් ලබා ගත හැකියි.