මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි පැමිණිය හැක

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සවස් කාලයේදී වැසි තත්ත්වය වැඩිවිය හැකි අතර, ලබන 21 වැනිදායින් පසු වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවය.