විවාහයට පෙර ගැළපිය යුතුම පොරොන්දම

ජීව විද්‍යාත්මකව ගත් කල ජානමය වශයෙන් සම්ප්‍රේෂණය වන රෝගයක් ලෙස තැලසීමියාව හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කය තැලසීමියා රෝගීන් බහුල වශයෙන් හඳුනා ගත හැකි දිස්ත්‍රික්කය ලෙසට නම් දරා තිබෙනවා. තැලසීමියා වාහකයින් දෙදෙනෙක් විවාහ වීම වැළක්වීම මෙයට ඇති විසඳුම බව වෛද්‍ය නිර්දේශයයි. මේ පිළිබඳව MediaCorps වාර්තාකරු පුලින්ද ඒකනායක ගෙන එන වාර්තාවයි.