ශ්‍රී ලංකා රේගුව යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයකට යාත්‍රා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (05) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා රේගු උසස් නිලධාරීන් සමඟ 2025 අයවැය සහ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව පැවති සාකච්ඡාවේදීය.
පසුගිය වසරේ රේගුව විසින් ඉටු කළ ආදායම් ඉලක්ක ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වූ අතර, මෙවර ඉලක්කය සපුරාලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද සාකච්ඡා සිදු කළේය.