සිංහල-දෙමළ අලුත් අවුරුද්ද සඳහා විශේෂ ප්‍රවාහන සේවා – මහජනතාවට දුරකථන අංක නිකුත් කෙරේ

කොළඹ, අප්‍රේල් 12 – සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්වැසි දිවයිනේ බලා පිටත්ව යන මහජනතාවගේ පහසුව උදෙසා විශේෂ මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇත.

ප්‍රවාහන බලධාරීන් පැවසුවේ, අද වන විට කොළඹ නගරයෙන් පිටවී ගිය ජනතාවගේ ප්‍රමාණය සියයට 90ක් පමණ වන බවයි. ඒ හේතුවෙන් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ, බැස්ටියන් මාවත, මාකුඹුර හා කඩවත අධිවේගී බස්පර්යන්ත වලින් අතිරේක බස්රථ යොදවා ඇත.

🚌 මාතර, ගාල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර, නුවරඑළිය, බදුල්ල, හැටන්, මොනරාගල, අම්පාර හා ඇඹිලිපිටිය යන ප්‍රධාන නගර සඳහා විශේෂ බස් සේවා මෙරට අධිවේගී මාර්ග ඔස්සේද ක්‍රියාත්මක වේ.

🚆 එසේම දුම්රිය දෙපාර්තමේන්තුව මගින්ද අලුත් අවුරුදු ගමන් වෙනුවෙන් අතිරේක දුම්රිය 40ක් ක්‍රියාත්මක කර ඇත. එමගින් බදුල්ල, බෙලිඅත්ත, අනුරාධපුර, ගාල්ල සහ කන්කසන්තුරෙයි බලා යා හැකිය.

අප්‍රේල් 9 සිට 21 දක්වා කාලසීමාව තුළ ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත. මෙහිදී පැය 24 ක්ම ක්‍රියාත්මක වන මෙහෙයුම් මධ්‍යස්ථානයක් සහ පාරිභෝගික සේවා ඒකකයක්ද ස්ථාපිත කර ඇත.

📞 මගී ජනතාවට පහත දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබා ගැනීමට හැකිය:

  • ප්‍රවාහන කොමිෂන් සභාව (NTC): 1955
  • WhatsApp (NTC): 0712 595 555
  • බස් සේවා විමසීම් (SLTB): 1958
  • දුම්රිය විමසීම්: 1971

අදාල ප්‍රවාහන සේවාවන් පිළිබඳව ඉදිරියට ගමන් සැලසුම් කරමින් මෙම දුරකථන අංක භාවිතා කරන්නැයි බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.