සූර්ය පැනල ක්‍රියා විරහිත කිරීමේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර – විදුලි බල මණ්ඩලය

ජාතික විදුලි පද්ධතියට සවි කර ඇති සූර්ය පැනල තාවකාලිකව ක්‍රියා විරහිත කරන ලෙස සිදුකළ ඉල්ලීම සඳහා බොහෝ පිරිසක් යහපත් ප්‍රතිචාර දැක්වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මණ්ඩලය සඳහන් කරන්නේ ජාතික පද්ධතිය නිරීක්ෂණය කිරීමේදී මෙම ප්‍රතිචාරය පැහැදිලිවම දැකගත හැකි බවයි. කෙසේ වෙතත් තවමත් සූර්ය පැනල ක්‍රියා විරහිත කර නොමැති පිරිසක් පවතින අතර, ඔවුන්ගෙන්ද ඉක්මනින් පියවර ගැනීම සඳහා විශේෂයෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

උත්සව සමයේ විදුලි ඉල්ලුම පහත වැටී ඇති නිසා, ජාතික පද්ධතියේ ස්ථායිතාවය ආරක්ෂා කිරීමේ අරමුණින් අප්‍රේල් 13 සිට 21 දක්වා පස්වරු 3.00 දක්වා සූර්ය පැනල ජාතික පද්ධතියෙන් වෙන් කරන ලෙස බලශක්ති පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

මෙම පියවරය නිසා ජාතික පද්ධතියට අසාමාන්‍ය විචල්‍යතාවයක් ඇතිවීම වැළැක්විය හැකි බව විදුලි බල මණ්ඩලය පෙන්වා දෙයි. ඔවුන් තවත් සඳහන් කළේ, ඇතැම් පාරිභෝගිකයින් මෙවැනි ක්‍රියාමාර්ගවලට බියක් දක්වයිද, එය අවශ්‍ය නොවන බවයි.

“සූර්ය පැනල ක්‍රියා විරහිත කිරීමෙන් කිසිදු හානියක් සිදුවන නෑ. ඒ සඳහා බිය විය යුතු නෑ. ජාතික පද්ධතියේ ස්ථායිතාවය තහවුරු කිරීම අපගේ වගකීමක්,” යයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

මෙවැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොව ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටවලද යන්නද විශේෂයෙන් උදෙසා දැක්වීය.