යල කන්නයේ හඬා වැටෙන කිලිනොච්චියේ වී ගොවියෝ

උතුරු පළාතේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ බොහෝමයක් වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි.වියළි, කර්කෂ දේශගුණික තත්ත්වයන් යටතේ තම වගා කටයුතු සිදු කරගෙන යන මොවුන්ට පසුගිය යල කන්නයේ වී අස්වැන්න බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා අඩු අගයක් ගැනීමෙන් මුහුණ දීමට සිදුවූයේ විශාල ගැටළුවකටයි. අස්වැන්න අඩුවීම සම්බන්ධයෙන් චෝදනා නඟන ගොවින් වෙත පිළිතුරු දෙමින් ප්‍රදේශයේ කෘෂි උපදේශක මහතුන් පවසන්නේ වගා කටයුතු සඳහා නිර්දේශිත වී ප්‍රභේද භාවිත නොකිරීම මෙයට හේතු වී ඇති බවයි.