පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බව වනෝද්‍යානයේ භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා සඳහන් කළේය.
පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වැසි හේතුවෙන් වනෝද්‍යානයේ බොහෝ මාර්ග ජලයෙන් යටවී ඇති අතර පතුලේ ඇති වැව් ඉවුරු කිහිපයක්ද කඩා වැටී ඇති බව ඔහු පැවසීය.
වනසතුන්ගේ සහ සංචාරකයින්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් අද (මාර්තු 01) සිට වැසි තත්ත්වය පහව යනතුරු යාල වනෝද්‍යානය වසා තැබේ.
එමෙන්ම, යාල කලාප අංක 1ට අදාළ කටගමුව හා පලටුපාන පිවිසුම් දොරටු වසා දැමීමට කටයුතු කර ඇත. නීමලාව ප්‍රදේශයේ පිවිසුම් මාර්ග කිහිපයක්ද දැනටමත් ගංවතුරයෙන් යට වී තිබේ.
කෙසේ වෙතත්, යාල සෆාරි ජීප් එකමුතුවේ සභාපති තරිඳු ජයසිංහ මහතා පවසන්නේ, කිසිදු පිළිවෙලකට යටත්ව නොමැතිව ගත් මෙම තීරණය මුදල් ගෙවා වෙන්කරවා ගත් සංචාරකයින්ට දැඩි අපහසුතා ලබාදීමට හේතු වී ඇති බවයි.