වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය කල්දමයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (05) සිට දියත් කිරීමට සැලසුම් කළ දීපව්‍යාප්ත වැඩවර්ජනය කල් දැමීමට තීරණය කර ඇති බව පවසයි.

මෙම තීරණය ගෙන ඇති බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා සඳහන් කළේ අද (04) දින සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි.

වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා සඳහන් කළේ:

“අද අපි තීරණය කළා හෙට දිනයේදී පවත්වන්නට නියමිතව තිබූ මෙම සංඛේත වැඩවර්ජනය මාර්තු 21 වනදා තුන්වන අයවැය කියවීම දක්වා කල්තබන්න.”

“වෛද්‍යවරුන් ඉල්ලන අමතර රාජකාරී දීමනාව සහ නිවාඩු දින දීමනාව නියමිත අගයන් මත පවත්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වී ඇත.”

මේ අනුව, වෛද්‍යවරුන් ඉල්ලන 1/80 අගයෙන් අමතර රාජකාරී දීමනාව සහ 1/20 අගයෙන් නිවාඩු දීමනාව පවත්වා ගැනීම සඳහා අමාත්‍යාංශය සාධනීය මැදිහත්වීමක් කිරීමට එකඟ වී ඇති බව GMOA පවසයි.