පොලිස් මූලස්ථානයේ ප්‍රකාශයට අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.එම්.කේ.ඩී. පලිස්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මූල්‍ය අපරාධ විමර්ශ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස මාරු කර ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.බී. මැදවල මහතා ඇමති ආරක්ෂක කොට්ඨාසයෙන් විශේෂ ආරක්ෂක කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස පත්වී ඇත.
මානව හිමිකම් කොට්ඨාසයේ අධ්යක්ෂවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ඒ. එදිරිමාන්න මහතා ගාල්ල කොට්ඨාසය භාර නිලධාරියෙකු ලෙස ස්ථාන මාරු වී ඇත.
තවද, කේ.ජී.පී.බී. සමරපාල, එස්.එම්.කේ.සී. තිලකරත්න, පි.ජි.දර්ශන, එල්.ඒ.ඩී. රත්නවීර, කේ.එන්. ගුණවර්ධන මහත්වරුන්ද මෙම ස්ථාන මාරුවීම් ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වේ.