මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර තුනක් ක්‍රියාවිරහිතව

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සපයන යන්ත්‍ර පහෙන් තුනක් බිඳවැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, මෙම තත්ත්වය හේතුවෙන් දිනකට රෝගීන් 250කට පමණ ලබාදෙන විකිරණ ප්‍රතිකාර කටයුතු ඇණහිට ඇති බවය.

ඒ අනුව, විකිරණ ප්‍රතිකාර කටයුතු යළි සුසුදු පරිදි ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කඩිනමින් අවශ්‍ය පියවර ගත යුතු බවද ඔහු අවධාරණය කළේය.