ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන මස මුලදී ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (14) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වත්මන් රජය ජාත්‍යන්තර සබඳතා බෙදීමකින් තොරව ගොඩනැඟීමට සමත්ව ඇති බවයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තියට මුහුණදීමට ගන්නා පියවර සහ ජී.එස්.පී සහනය සම්බන්ධයෙන් යුරෝපා සංගම නියෝජිතයින් පිරිසක් ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.
එසේම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා සහ එයට මුහුණදෙන ආකාරය පිළිබඳවද විදේශ කටයුතු අමාත්‍යවරයා පැහැදිලි කළේය.