ග්රෑන්ඩ්පාස්, නාගලගම්විදියේ රාත්රී 9.30ට පමණ සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් වයස 22 සහ 28 යන පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි භාවිත කර වෙඩි තැබූ බවත්, සිද්ධියෙන් පසු සැකකරුවන් පලාගිය බවත්ය.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.