දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 29 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබාදී ඇත.
සැකකරුවන් අතර කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු සිටින අතර, ඔවුන් මාතර වැඩබලන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.