මියන්මාර ජනතාවට ආධාර රැගත් පළමු ගුවන් යානය හෙට පිටත් වෙයි

මියන්මාර භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට වෛද්‍යාධාර සහ මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය 2025 අප්‍රේල් 05 වැනි දින පිටත්ව යාමට නියමිතය.

  • මෙම ගුවන් යානයේ:
    • වෛද්‍ය කණ්ඩායමක්
    • මුදවා ගැනීමේ කණ්ඩායමක්
    • ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් රැස් කළ ආධාර සහිත භාණ්ඩ ඇතුළත් වේ.

ගුවන් යානය පෙරවරු 7.45ට මියන්මාරය බලා පිටත්ව යන බව ආරක්ෂක අමාත්‍යංශය දන්වා තිබේ.