Instagram ඔස්සේ සංවිධානය වී මත්ද්‍රව්‍ය භාවිත කල සාදයක් – 57ක් අත්අඩංගුවට

උස්වැටකෙයියාව ප්‍රදේශයේදී Instagram ඔස්සේ සංවිධානය කළ, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතයෙන් පැවැත්වූ සාදයක් සම්බන්ධයෙන් පුද්ගලයින් 57 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සතුව අයිස් සහ කේරල ගංජා සොයා ගෙන ඇති අතර, සාදය පැවැත්වූ හෝටලයේ හිමිකරුද අයිස් ග්‍රෑම් 3.2ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්වූවන් අතර වයස අවුරුදු 18 සිට 35 දක්වා පුද්ගලයින් සහ කාන්තාවන් 7 දෙනෙකුද සිටියි.